Sathosa

Nov 26, 2018

උතුර - දකුණ එකකළ සාමයේ තෑග්ගෙනුත් තෑගි (ඡායා)

උතුරු කොරියානු ජනපති ජොන්-අන් විසින් දකුණු කොරියානු ජනාධිපති - මූන් ජේ-ඉන් හට 'සාමයේ තිළිණයක්' ලෙස ලබා දුන් සුනඛයන් දෙදෙනාගෙන් එකෙකු හට පැටවුන් ලැබී ඇතැයි වාර්තා වේ.

කොරියානු ජනාධිපතිවරයා හට ලබාදී තිබුණේ කොරියානු අර්ධද්වීපයට ආවේනික සුනඛ විශේෂයක් වන, දඩයම් කිරීමට දක්ෂතා ඇති, පූන්ග්සාන් විශේෂයට අයත් මෙම සුනඛයන් දෙදෙනෙකි.

මේ අතරින්, ගොමී ලෙස නම් කර ඇති බැළලිය හට පිරිමි පැටවුන් තිදෙනෙකු හා ගැහැණු පැටවුන් තිදෙනෙකු ලැබී තිබේ.

මෙම පැටවුන් ගේ සුරතල් බලමින් සිටින දකුණු කොරියානු ජනාධිපති යුවළගේ ඡායාරූප නිල් මන්දිරයේ නිල ට්විටර් ගිණුමේ ඊයේ (25) දිනයේදී පළ කර තිබුණි.

 


 "සුනඛයන් ගේ ගර්භනී සමය දෙමසක් වන බැවින් ගොමී අප සමීපයට එන විට පැටවුන් ලැබීමට සිටින්නට ඇත. අන්තර්-කොරියානු සහයෝගී සබඳතා ද මෙලෙස සිදුවනු," ඇතැයි මූන් ජේ ජනපතිවරයා ට්විටර් සටහනක් එක් කර ඇතිබවද විදෙස් වාර්තා සඳහන් කරයි.

සබැඳි පුවත් :
කිම් ජොන්-අන්, මූන් ජේ-ඉන් ට දුන්න තෑග්ග (වීඩියෝ)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top