පයිලට් විශේෂයට අයත් තල්මසුන් 145ක පමණ රූන් දෙකක් මෙලෙස මියගොස් ඇති බව විදෙස් වාර්තා වල දැක්වේ.
වෙරළට ගොඩගසා ඇති මෙම සතුන් මුලින්ම දැක ඇත්තේ එම ප්රදේශය හරහා ඇවිද ගිය පුද්ගලයෙකු විසිනි.
ඒ වන විටත් වෙරළට ගොඩගැසූ මෙම තල්මසුන් අඩකට වැඩි ප්රමාණයක් මියගොස් සිටි බවත්, ජීවත්ව සිටි සතුන්ද බේරාගැනීමට අපහසු තත්ත්වයක් පැවතුණු හෙයින් ඔවුන්ට සුඛ මරණයක් (euthanisation) ලබාදීමට කටුයුතු කළ බව නවසීලන්ත බලධාරීන් සඳහන් කරයි.
මීට අමතරව ගතවූ සතිඅන්තයේදී තවත් අවස්ථා කිහිපයක් තුළ පිග්මි තල්මසුන් 12ක් ද ස්පර්ම් තල්මසෙකු ද මේ ආකාරයෙන්ම වෙරළට ගොඩ ගසා තිබේ.