Sathosa

Nov 29, 2018

ජෝර්ජියාවට ජනාධිපතිනියක්!

ජෝර්ජියානු ඉතිහාසයේ පළමුවරට ජනාධිපතිනියක් බලයට පත්ව තිබේ.

පසුගියදා පැවති ජෝර්ජියානු ජනපතිවරණයේදී 59%ක ඡන්ද හිමිකරගෙන ජයග්‍රහණය කිරීමට මෙලෙස සමත් වී ඇත්තේ තානාපති සේවයේ හිටපු තානාපතිනියක් හා අමාත්‍යවරියක් වන 66 හැවිරිදි සැලොම් සුරෙබිෂ්විලි විසිනි.

ඇය ජනාධිපතිවරණයට ඉදිරිපත් වී තිබුණේ ජෝජියානු ඩ්‍රීම් පක්ෂයෙනි.

වසර 1921දී ජෝර්ජියානු ජාතික යුවළකට දාව ප්‍රංශයේ උපත ලද සැලොම් මහත්මිය, වසර 2003දී ජෝර්ජියාවට පත්කරන ලද ප්‍රංශ තානාපතිනිය ලෙස කටයුතු කළාය. පසුව ඇය එම තනතුර අත්හැරි අතර, එකළ සිටි ජෝර්ජියානු ජනපතිවරයා විසින් ඇයව ජෝර්ජියානු විදේශ කටයුතු අමාත්‍යවරිය ලෙස පත්කරනු ලැබුණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top