Sathosa

Dec 01, 2018

හිටපු අමෙරිකානු ජනාධිපති ජොජ් බුෂ් මිය යයි

අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ ජොජ් එච් ඩබ්ලිව් බුෂ් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අමෙරිකාවේ 41 වන ජනාධිපතිවරයා වූ ජොජ් එච් ඩබ්ලිව් බුෂ් හිටපු ජනාධිපතිවරයා මිය යන විට 94 වන වියේ පසුවිය.

ජොජ් එච් ඩබ්ලිව් බුෂ් මහතා වර්ෂ 1924 ජුනි මස 12 වන දින අමෙරිකාවේ මිල්ටන් හිදී උපත ලබා ඇති අතර ඔහු 1989 සිට 1993 දක්වා අමෙරිකාව පාලනය කර තිබේ.

අමෙරිකාවේ 43 වන ජනාධිපතිවරයා වූ ජොජ් ඩබ්ලිව්. බුෂ් ඔහුගේ වැඩිමහල් පුත්‍රයා වන අතර ෆ්ලොරිඩා ප්‍රාන්තයේ හිටපු ආණ්ඩුකාරවරයෙකු වූ ජොජ් බුෂ් මහතා ඔහුගේ දෙවැනි පුත්‍රයා වෙයි.

හිටපු ඇමරිකානු ජනාධිපතිවරයෙකු වූ ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් විසින් සිය පියාගේ අවමංගල්‍ය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

GoergeB1 670px 18 12 01

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top