Sathosa

Dec 03, 2018

තුවාල වූ යේමන් කැරළිකරුවන් ගුවනින් ඕමානයට

යේමනයේ ගැටුම් වලින් තුවාල වූ කැරළිකරුවන් එක්සත් ජාතීන් ගේ සංවිධානයේ ගුවන්යානයක් මගින් ආරක්ෂිත ස්ථාන කරා ගෙන යාමට කටයුතු යොදා ඇති බව ඔවුන් හා සටන් වැදෙන රටවල් වල එකතුව පවසයි.

මේ අනුව,තුවාල වූ කැරළිකරුවන් 50 දෙනෙකු වෛද්‍ය ප්‍රතිකාර සඳහා අද (03) දිනයේදී සනා අගනුවර සිට ඕමානය වෙත ගුවනින් ගෙන යාමට නියමිතය.

මෙම පියවර, කැරලිකරුවන් හා යේමන් රජය අතර ඉදිරි දින වලදී ආරම්භ වීමට නියමිත සාම සාකච්ඡා වලට පෙර දෙපාර්ශවය අතර විශ්වාසය වර්ධන වීමට ඉවහල් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සිවුවසරක් පුරාවට යේමනයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් එරට වැසියන් දහස් ගණනක් මියගොස් ඇති අතර, දුර්භීක්ෂ ත්ත්වය හේතුවෙන් මිලියන ගණනකට නිරාහාරව සිටීමට සිදුවී ඇත. මෙය, මෑත කාලීනව දක්නට ලැබුණු උග්‍රතම මානුෂීය අර්බුදයක් ලෙස සැලකේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top