Sathosa

Dec 05, 2018

ඉන්දියාවේ බරම චන්ද්‍රිකාව අභ්‍යවකාශයට

ඉන්දියාවේ බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල සේවා වැඩිදියුණු කිරීමේ අරමුණෙන් ඉන්දියාව විසින් චන්ද්‍රිකාවක් අභ්‍යවකාශගත කර ඇති බව වාර්තා වේ.

කිලෝග්‍රෑම් 5,854ක් බරැති GSAT-11 නම් මෙම චන්ද්‍රිකාව ඉන්දියාව විසින් අභ්‍යවකාශගත කළ බරම චන්ද්‍රිකාව ලෙස සැලකේ.

ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (Indian Space Research Organisation) විසින් ප්‍රංශ ගිනියාවේ Kourou අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට අද (05) අළුයම ප්‍රංශ රොකට් යානයකින් අභ්‍යවකාශගත කර ඇත.

මෙම මාසය අවසානයේ වන විට ක්‍රියාත්මක කෙරෙන මෙම චන්ද්‍රිකාව විසින් ඉන්දියාව පුරාවට බ්‍රෝඩ්බෑන්ඩ් සබඳතා සැපයීමේ කර්ත්‍ව්‍යයට දැවැන්ත රුකුලක් වනු ඇති බව Indian Space Research Organisation හි ප්‍රධානියා වන K සිවන් මහතා පවසා ඇත.

සාම්ප්‍රදායික ලෙස බ්‍රෝඩ්බෑන්ඩ් සබඳතා සැපයිය නොහැකි ඉන්දියාවේ ග්‍රාමීය ප්‍රදේශ වලට බ්‍රෝඩ්බෑන්ඩ් සබඳතා සැපයීමේ කර්තව්‍යයට මෙම චන්ද්‍රිකාව දැවැන්ත රුකුලක් වනු ඇති බව Indian Space Research Organisation හි ප්‍රධානියා වන K සිවන් මහතා පවසා ඇත.

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top