මෙන්ග් වැන්ෂූ (Meng Wanzhou) නම් ඇය හුවාවේ සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරිනියද වන අතර, ඇයව ඇමෙරිකාවට භාරදීමට නියමිත බවද බීබීසී පුවත් සේවය වාර්තා කරයි.
දෙසැම්බර් 01දා සිදුවූ මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වැඩි විස්තර තවමත් හෙළිදරව් වී නැති නමුත්, ඉරානයට එරෙහිව පණවනු ලැබූ සම්බාධක හුවාවේ සමාගම විසින් උල්ලංඝනය කර ඇතැයිද යන්න පිළිබඳව ඇමෙරිකාව පරීක්ෂණ පවත්වමින් සිටියි.
මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විරෝධය දක්වා ඇති කැනඩාවේ චීන තානාපති කාර්යාලය ඉල්ලා ඇත්තේ ඇයට නිදහස් කරන ලෙසයි.
මේ සම්බන්ධයෙන් හුවාවේ සමාගම පවසා ඇත්තේ ඇය විසින් වරදක් කර ඇති බවට හෙළිදරව් වී නැති බවත් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වැඩි විස්තර ද නොදන්නා බවත් ය.