Dec 07, 2018

ඇෆ්ගනිස්තානයේ 'පොඩි මෙසී' යළිත් සරණාගතයෙක් වෙයි!

ජනප්‍රිය පාපන්දු ශූර ලයනල් මෙසී ගේ පාපන්දු කමිසයට සමානව නිර්මාණය කෙරුණු ප්ලාස්ටික් මල්ලකින් සැරසී ජනප්‍රිය වූ ඇෆ්ගනිස්තානු දරුවා වන මුර්ටාසා අහ්මදි යළිත් වරක් සිය නිවෙස් වලින් පලාගොස් ඇතැයි වාර්තා වේ.

ඒ, ඔවුන් සිටි ප්‍රදේශයට එල්ලවූ තලෙයිබාන් තර්ජන හමුවේය.

ගිණිකොණ දිග ඝස්නි පළාතේ විසූ අහ්මදි දරුවා හා ඔහුගේ පවුලේ සාමාජිකයින් මේ වන විට කාබුල් අගනුවර වෙත පැමිණ ඇතැයි වාර්තාවේ.

මීට පෙර 2016දී ඔවුන් කෙටි කාලීනව රැකවල් පතා සරණාගතයන් ලෙස පකිස්තානයට ගොස් තිබුණි. කෙසේ වෙතත්, ආර්ථික අපහසුතා හේතුවෙන් ඔවුන්ට යළිත් සිය මව්බිම් කරා යාමට සිදුවිය.

මෙසී ගේ දැවැන්ත රසිකයෙකු වන අහ්මදි මේ වන විට හත් හැවිරිදි දරුවෙකි.

මෙසී ගේ පාපන්දු අංකය වන 10 ලියූ නිල් ඉරි සහිත ප්ලාස්ටික් බෑගයක් පැළඳගෙන පාපන්දු ක්‍රීඩාවේ යෙදෙන අහ්මදි ගේ ඡායාරූපය අතිජනප්‍රිය වූයේ 2016දීය. ඉන්පසුව ඔහුට කටාර් හි දී මෙසීව හමුවීමට ද අවස්ථාව ලැබුණි.

සිය දිවි බේරාගැනීමට අහ්මදි ගේ පවුලේ සාමාජිකයන් කාබුල් අගනුවර කර පැමිණ ඇත්තේ සිය නිවසේ බඩුමුට්ටු පවා අත්හැරදමමිනි. මෙම බඩුමුට්ටු අතර, මෙසී ගේ අත්සන යොදා අහ්මදි වෙත පිරිනැමූ කමිසය හා පාපන්දුවට ඇති බවත්, පලා එන ගමනේදී සිය පුතාව කවරෙකු හෝ හඳුනාගැනීම වැළැක්වීමට ඔහුගේ මුහුණ සාටකයන් වසාගෙන පැමිණි බවත් ඔහුගේ මව පවසයි.

messi

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top