Dec 13, 2018

විශ්වාසභංගය ජයගත් මේ, බ්‍රසල්ස් යයි

සිය පක්ෂ නායකත්වය පිළිබඳ විශ්වාස භංගය පරාජය කිරීමට ඊයේ (දෙසැ 12) සවස බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ ගේ සමත් විය.

විශ්වාසභංගයට පක්ෂව ඡන්ද 200ක් ද විපක්ෂව ඡන්ද 117ක්ද ලබාදී තිබුණි.

මේ වන විට ඇය යුරෝපා සංගමයේ සමුළුවක් සඳහා බ්‍රසල්ස් වෙත යාමට නියමිතය.

යුරෝපා සංගමයෙන් ඉවත්වීම හා සම්බන්ධ බ්‍රෙක්සිට් ගිවිසුමේ කෙටුම්පතකට අගමැතිනි තෙරේසා මේ අනුමැතිය පළකිරීමත් සමග බ්‍රිතාන්‍ය කැබිනට් මණ්ඩලය නොවැම්බර් 14 වන දින එයට අනුමැතිය ලබා දුන්නේය.

ඒ අතර, අගමැතිවරියට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කිරීම කෙරෙහි පාලක කොන්සර්වේටිව් පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ අවධානය පළ විය.

2016 ජුනි මාසයේ පැවති ජනමත විචාරණයේදී බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට පක්ෂව ඡන්දදායකයන්ගෙන් 51.9% ක් ඡන්දය ලබා දී තිබිණි. ඒ අනුව 2019 මාර්තු 29 වෙනි දින මධ්‍යම රාත්‍රියේ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට නියමිතය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top