Dec 14, 2018

ස්ට්‍රාස්බර්ග් නත්තල් වෙළඳපොල යළි විවෘත වේ

අඟහරුවාදා දිනයේදී වෙඩිකරුවෙකුගේ ප්‍රහාරයට ලක්වූ ප්‍රංශයේ ස්ට්‍රාස්බර්ග් නත්තල් වෙළඳපොල අද (14) දිනයේදී යළි විවෘත කිරීමට නියමිතය.

මෙම අවස්ථාවට ප්‍රංශයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයාද සහභාගී වීමට නියමිත වන අතර, නත්තල් වෙළඳපොල වටා දැඩි ආරක්ෂක රැකවල් යොදා තිබේ.

මෙම ප්‍රහාරයෙන් තිදෙනෙකු මියගොස් තවත් කිහිපයෙකු බරපතල තුවාල ලැබූ බව විදෙස් වාර්තා සඳහන් කර තිබුණි.

Cherif Chekatt ලෙස හඳුනාගෙන ඇති මෙම වෙඩිකරුවා, පොලිස් වෙඩි පහරින් මියගියේය.

‘නත්තල් අගනුවර’ ලෙස ජනප්‍රිය ස්ට්‍රාස්බර්ග් නත්තල් වෙළඳපොලට සෑම වසරකම සංචාරකයන් මිලියන දෙකක් පමණ පැමිණෙයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top