photographic 2
Dec 17, 2018

නිර්භයා ගේ අඳුරු මතක දිනයේ දී තවත් මල්කැකුළක් මිලින වෙයි

ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදී දූෂණය කරන ලද තුන් හැවිරිදි දැරියක් බරපතල තත්වයේ පසුවන බව විදෙස් වාර්තා පවසයි.

දෛනික වැටුප් ලබන කම්කරුවන් වන මෙම දැරියගේ දෙමාපියන් එම අවස්ථාවේ නිවසේ සිට නැති බවත්, රසකැවිලි පෙන්වමින් දැරියව නිවසෙන් පිටතට ගෙන්වා, පැහැරගෙන ගොස් දූෂණය කර ඇත්තේ ඔවුන් ගේ අසල්වැසියෙකු යැයි පැවසේ.

40 හැවිරිදි ආරක්ෂක නිලධාරියෙකු වන මෙම සැකකරු, අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගැනීමට පෙර, ඔහු අසල්වාසීන්ගේ පහරකෑමට ලක්ව තිබූ බැවින් වෛද්‍ය ප්‍රතිකාර ලබාදුන් බවද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත් සේවය වාර්තා කරයි.

පොලිසිය විසින් මෙම දැරිය සිහිසුන්ව සිටියදී සොයාගෙන ඇති අතර, වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඇයව වහාම රෝහල්ගත කර තිබේ.

තවත් කණගාටුදායක කරුණක් වන්නේ මෙම ළමා දූෂණය සිදුවී ඇත්තේ නවදිල්ලියේදී බස් රථයක් තුළ ඉතා කෲර ලෙස සමූල දූෂණයට ලක්වූ ‘නිර්භයා’ දූෂණ සිද්ධියට සය වසරක් පිරුණ ඊයේ දිනයේදී (16) වීමයි.

බීබීසී ලෝක සේවයට අනුව සෑම විනාඩි 155කට වතාවක් වයස අවුරුදු 16ට අඩු ළමයෙකු ද පැය 13කට වරක් වයස අවුරුදු 10ට අඩු ළමයෙකු ද දූෂණයට ලක්වයි. වසර 2012 දී එරටින් වාර්තා වූ ළමා දූෂණ සංඛ්‍යාව 8,541ක් වන අතර, 2016 වන විට එය 19,765 දක්වා ඉහළ ගොස් තිබුණි.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top