photographic 2
Dec 26, 2018

ජපානය, වාණිජ මට්ටමේ තල්මස් දඩයම් අරඹන්න යයි!

ලබන ජූලි මාසයේ සිට වාණිජ මට්ටමින් තල්මසුන් දඩයම් කිරීමට ආරම්භ කරන බව ජපානය පවසයි.

තල්මසුන් සංරක්ෂණය කරන එකමුතුව වන International Whaling Commission (IWC) සාමාජිකත්වයෙන් ඉවත් වන බව ජපානය සඳහන් කරයි.

දශක ගණනාවක් පුරාවට වාණිජ මට්ටමින් සිදුකෙරුනු තල්මසුන් දඩයම් කිරීමත් සමග ඇතැම් විශේෂ වඳවීයාමට ආසන්න වූ බැවින් IWC විසින් 1986 දී වාණිජ මට්ටමින් තල්මසුන් මැරීම තහනම් කරනු ලැබුණි.

තල්මසුන් ගේ මස් අනුභව කිරීම සිය දේශීය සංස්කෘතියේ කොටසක් බව පවසන ජපානය පවසන්නේ වාණිජ මට්ටමින් තල්මසුන් මැරීම සිය සාගර කලාපයට හා ආර්ථික කලාප වලට සීමා කරන බවයි. ඒ අනුව, ඔවුන් දකුණු අර්ධද්වීපයේ හා ඇන්ටාක්ටික් කලාපයේ තල්මසුන් දඩයමේ නොයෙදෙනු ඇත.

කෙසේවෙතත්, ජපානයේ මෙම තීරණයත් සමග ඔවුන්ට වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති තල්මසුන් විශේෂ පවා දඩයම් කිරීමට හැකියාව ලැබෙනු ඇති අතර, මේ සම්බන්ධයෙන් ජාපනය මේ වන විටත් ජාත්‍යන්තර ප්‍රජාවගේ විවේචනයට ලක්ව ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top