Dec 31, 2018

ෂේක් හසීනා, තෙවන වරටත් බලයට Featured

පිටපිටම තෙවැනිවරටත් බලයට පැමිණීමට බංගලාදේශ අගමැතිනි ෂේ ක් හසීනා සමත් වී ඇතැයි එරට මැතිවරණ කොමිසම අද දිනයේදී (31) ප්‍රකාශ කරයි.

පාර්ලිමේන්තු ආසන 300න් 288ක් දිනාගැනීමට ඇගේ පක්ෂය හා සන්ධානගත පක්ෂ සමත්වී ඇත.

කෙසේවෙතත්, ප්‍රචණ්ඩත්වය හා මැතිවරණ අක්‍රිමකතා චෝදනා රැසක් එල්ල වූ මෙම මහමැතිවරණය විහිළුවක් බව විපක්ෂය විසින් චෝදනා කරයි.

පාර්ලිමේන්තු ආසන 7ක් පමණක් දිනාගැනීමට සමත් වූ විපක්ෂය, යළි මැතිවරණයක් පවත්වන මෙන් ඉල්ලා ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top