photographic 2
Jan 02, 2019

සමතැන ඉල්ලා ඉන්දියාවෙන් කාන්තා පවුරක්

සමාජය තුළ කාන්තාවන් හට සමතැන ඉල්ලමින් දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කාන්තාවන් කි.මී. 620ක් දිගැති මිනිස් දම්වැලක් තනා ඇති බව වාර්තා වේ.

කේරළයේ පිහිටා ඇති අති පූජනීය ස්ථානයක් ලෙස සැලකෙන සබරිමාලා කෝවිලට ඇතුළුවීමට ඔසප් වීමේ වයසේ පසුවන අවු. 10 - 50 අතර කාන්තාවන් හට ඇති බාධා සම්බන්ධයෙන් මෙම විරෝධතාවය පැවැත්වුණි.

කේරළයේ වාමාංශික ප්‍රාන්ත රජය විසින් සංවිධානය කළ මෙම ‘කාන්තා පවුර’ ට ප්‍රාන්තය පුරා වෙසෙන කාන්තාවන් මිලියන 03ක් පමණ සහභාගී වනු ඇතැයි අපේක්ෂා කර තිබුණ ද මෙම අවස්ථාවට කතුන් මිලිය 05ක් පමණ එක්වූ බව බීබීසී ලෝක සේවයේ දැක්වේ.

මෙම පවුර කේරළයේ උතුරු මායිම වන කසාරාගෝද් සිට දකුණු කෙළවර වන තිරුවන්තාපූරම් දක්වා පැවති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම කෝවිලට ඇතුළුවීමට කාන්තාවන් හට පැවති තහනම එරට අධිකරණයක් මගින් පසුගිය සැප්තැම්බරයේදී ඉවත් කර තිබුණද, කෝවිල වෙතට ගිය කාන්තාවන්, විරෝධතාකරුවන්ගේ ප්‍රහාර වලට ලක්වී තිබුණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top