Jan 03, 2019

ඉතාලියේ උ. කොරියානු තානාපති අතුරුදහන්?

ඉතාලියේ සිටි වැඩබලන උතුරු කොරියානු තානාපතිවරයා අතුරුදහන් වී ඇතැයි වාර්තා වේ.

මේ බව හෙළිදරව් කර ඇත්තේ දකුණු කොරියාවේ ඔත්තු බලන ඒජන්සිය විසිනි.

ඉහත ධූරයේ කටයුතු කළ Jo Song-gil මහතා, රෝමයේ පිහිටි තානාපති කාර්යාලයෙන් පළාගොස් මසකට වඩා වැඩි බව එම ඒජන්සිය සඳහන් කළ බවට දකුණු කොරියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන Kim Min-ki පවසා තිබේ.

ඉතාලියේ සිටි උතුරු කොරියානු තානාපතිවරයා බටහිර රටක දේශපාලන රැකවල් පතා ඇති බවට මීට පෙර නිල නොවන වාර්තා සඳහන් කර තිබුණි.

වසර 2016දී, ලන්ඩනයේ උතුරු කොරියානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපතිවරයා ද සිය පවුලේ සාමාජිකයන් කැටුව දකුණු කොරියාවට පළාගියේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top