OPEN

#

OPEN

#

Jan 08, 2019

කිම් කෝච්චියෙන් චීනයට යයි !

උතුරු කොරියා නායක කිම් ජොං අන් සිවුදින නිල සංචාරයක් සඳහා චීනයට පැමිණ සිටී.

ඔහු මෙවර චීනයට පැමිණියේ දුම්රියෙන්වීම විශේෂ සිද්ධියකි.

ඔහු මේ සංචාරයට එක්ව ඇත්තේ චීන ජනාධිපති ශී ජිංපින් මහතාගේ ආරාධනයකට අනුවය.

උතුරු කොරියා නායකයා සහ අමෙරිකා ජනාධිපතිවරයා අතර 2වැනි සාකච්ඡාවක් පිළිබඳ වාර්තා පළවන අවස්ථාවක මෙම සංචාරය ක්‍රියාත්මක වීම විශේෂත්වයක් බව දේශපාලන විචාරකයෝ කියති.

වසරක කාලයක් තුල කිම් ජොං අන් විසින් චීනයේ සංචාරය කරන 4 වැනි අවස්ථාව මෙය වන අතර චීනය සැලකෙන්නේ උතුරු කොරියාවට ආධාර සපයන ප්‍රධානම රටක් ලෙසයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top