Jan 15, 2019

කැනඩාවේදී සුරක්ෂිතබවක් දැනෙනවා - සෞදි තරුණිය

සිය පවුලෙන් මිදී පසුගියදා කැනඩාවේ සරණාගතභාවය ලද 18 හැවිරිදි සෞදි තරුණිය වන රාහෆ් මොහොමඩ් පවසා ඇත්තේ තමා අවදානමක් ගත්තද ඊට වටිනාකමක් ලැබී ඇති බවයි.

ජනවාරි මාසයේ මුලදී මෙම සෞදි තරුණිය ලොව පුරාම ජනප්‍රියත්වයට පත්වූයේ නිදහසේ ජීවත්වීමට ඇයට ඇති අයිතිය වෙනුවෙන් ට්විටර් ඔස්සේ ගෙන ගිය සටනත් සමගයි.

තමා ඉස්ලාම් ආගම අත්හැරි බවත්, සිය පවුල වෙත යාමට අකමැති බවත් සඳහන් කළ රාහෆ්, සිය පවුල සමග කුවේට් හි සංචාරයක නිරතව සිටි අතරතුරදී තායිලන්තය වෙත පලාවිත් තිබුණි. බැංකොක් හි දී සිය හෝටල් කාමරය අගුලු ලා ගෙන මානව හිමිකම් සංවිධාන වල සහය පැතූ ඇය, ට්විටර් ඔස්සේ සිදු කළ සටන පැය ගණනක් තුළදී ජාත්‍යන්තර මාතෘකාවක් බවට පත්විය.

පසුව ඇයට සරණාගතභාවය ලබාදීමට කැනඩාව ඉදිරිපත්වී තිබුණි.

කැනඩාවේ ටොරන්ටෝ ස්ටාර් නම් පුවත්පතට අදහස් දක්වමින් ඇය පවසා තිබුණේ මානව හිමිකම් වලට ගරු කරන රටක් වන කැනඩාවේදී තමාට ඉතා සුරක්ෂිතබවත් දැනෙන බවයි.

තමා මීට කලින් ජීවිතයේ අත්නොදුටු දෑ, ඉගෙන නොගත් දෑ ඉගෙනීමට හා අත්විඳීමට තමා බලාපොරොත්තු වන බව රාහෆ් පවසයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top