Jan 15, 2019

කුම්බ් මේලා : ලොව ලොකුම මානව එකතුව ඇරඹෙයි

මිහිතලයේ විශාලතම මානව එකතුව ලෙස හැඳින්වෙන කුම්බ් මේලා උත්සවය මේ වසරේදීත් ඉන්දියාවේ අද (15) ආරම්භ වී තිබේ.

මෙම උත්සවයට අද දිනයේදී පමණක් පුද්ගලයන් මිලියන 15ක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, උත්සවය පැවැත්වෙන දින 49 පුරාවට පුද්ගලයන් මිලියන 120ක් පමණ මීට එක්වනු ඇතැයි බලධාරීන් අපේක්ෂා කරයි.

සෞදි අරාබියේ වාර්ෂික හජ්ජි වන්දනාවටත් වඩා අතිශය විශාල කුම්බ් මේලා උත්සවයට විදෙස් රටවලින් වන්දනාකරුවන් මිලියනයක් පමණ එක්වනු ඇතැයි ද බලධාරීන් පවසන බව බීබීසී ලෝක සේවය වාර්තා කරයි.

මෙම උත්සවය අතරතුරදී ගංගා සහ යමුනා ගංගා වල ජලයෙන් ස්නානය කිරීමෙන්

පවු සෝදාගෙන මෝක්ෂය කරා ළඟා විය හැකි බව හින්දු භක්තිකයන් ගේ විශ්වාසයයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top