Jan 21, 2019

තනියෙන් ස්ටේක්බෝඩ් පදින පම්ප්කින් (වීඩියෝ)

විවිධාකාර සුරතල් ක්‍රියාකාරකම් වල යෙදෙන සතුන් පිළිබඳව පුවත් නිතර දෙවේලේ අන්තර්ජාලයෙන් වාර්තාවේ.

මේ පුවතද එවැනි වීඩියෝවක් සම්බන්ධයෙනි. ඇය පම්ප්කින් ය. බුල්ඩෝග් සුනඛ විශේෂයට අයත් පම්ප්කින් මේ දින වල අන්තර්ජාල තරුවක් වී අවසානය. ඒ, තනිවම ස්ටේක්බෝඩ් පැදීමට ඇයට ඇති සුවිශේෂී හැකියාව නිසාවෙනි.

ඇගේ හිමිකාරිනිය වන බ්‍රිතාන්‍යයේ ලිස්ටර්ෂයර් හි වෙසෙන ඩෙබ්‍රා චැන්ඩ්ලර් පවසන්නේ පම්ප්කින් විසින් මෙය තනිවම ඉගෙනගත් බවයි.

මේ වන විට පම්ප්කින් ගේ වීඩියෝ දහස්ගණනක් විසින් නරඹා තිබේ. පම්ප්කින් ගේ අන්තර්ජාල වීඩියෝ ඔස්සේ බුල්ඩෝග් සුනඛයන් මුදවාගන්නා පුණ්‍යාතනයක් වන එඩ්වර්ඩ් පදනම වෙනුවෙන් අරමුදල් රැස්කිරීමට අදහස් කරන බව ඩෙබ්‍රා වැඩිදුරටත් පවසයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top