Jan 22, 2019

ඉන්දුනීසියාවේ සුම්බාවා දූපතේ ප්‍රබල භූ කම්පනයක් ! Featured

ඉන්දුනීසියාවේ සුම්බාවා දූපතේ ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව තිබේ.

අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවස්නේ, එහි ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒකක 6.1 ක් ලෙස සටහන්ව ඇති බවයි.

සුන්ඩා දූපත් මාලාව ආශ්‍රිතව පිහිටි සුම්බාවා දිවයිනේ ජනගහණය ලක්ෂ 14කි.

කෙසේ වෙතත් මෙම භූ කම්පනයෙන් සිදුවු ජීවිත හෝ දේපළ හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැත.

පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කෙළ්, මින් සුනාමි රල ඇතිවීමේ අවදානමක් නොමැති බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top