Jan 25, 2019

ඉන්දීය සිසුන් ලොව සැහැල්ලුම චන්ද්‍රිකාව කක්ෂගත කරයි!

මෙතෙක් නිපදවූ ලෝකයේ සැහැල්ලුම චන්ද්‍රිකාව කක්ෂගත කිරීමට ඉන්දියාව සමත්වී තිබේ.

Kalamsat-V2 ලෙස නම් කර ඇති මෙම චන්ද්‍රිකාවේ බර කි.ග්‍රෑ. 1.26ක් වන අතර මෙය නිෂ්පාදනය කර ඇත්තේ චෙන්නායි හි පිහිටි අභ්‍යවකාශ අධ්‍යාපන මධ්‍යස්ථානයක් වන Space Kidz India හි සිසුන් පිරිසක් විසිනි.

Space Kidz India හි ප්‍රධාන විධායක නිලධාරිනිය ඉන්දීය මාධ්‍ය වෙත පවසා ඇත්තේ මෙම චන්ද්‍රිකාව තැනීම සඳහා ගතවී ඇත්තේ දින 6ක් පමණක් බවයි. මේ සඳහා වැයවී ඇති මුදල ඉන්දියන් රුපියල් මිලියන 1.2කි.

මීට කලින් මෙම සිසුසිසුවියන් පිරිස විසින් ම ග්‍රෑම් 64ක් බරැති චන්ද්‍රිකාවක් ද නිෂ්පාදනය කළ අතර, එය 2017 ජුනි මාසයේදී ඇමෙරිකාවේ නාසා මාධ්‍යස්ථනයෙන් අභ්‍යවකාශගත කළ sub-orbital යානයක් මගින් අභ්‍යවකාශගත කර තිබුණි. Sub-orbital යානා අභ්‍යවකාශගත වුවත්, කක්ෂගත නොවේ.

Saterlight1 670px 19 01 25

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top