Jan 28, 2019

සී ප්ලේන් බස්සන්න කිඹුලන්ව අයින් කරයි

ලොව උසම ප්‍රතිමාව වන ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ පිහිටි "එක්සත්භාවයේ ප්‍රතිමාව" ('State of Unity') ආශ්‍රිතව පවතින ජලාශයේ කිඹුලන් ඉවත් කිරීමේ මෙහෙයුමක් අරඹා ඇතැයි වාර්තා වේ.

මෙම ප්‍රතිමාව නැරඹීමට පැමිණෙන පිරිස් සඳහා සී ප්ලේන් සේවාවක් ඇරඹීමට ගුජරාට් ප්‍රාන්ත රජය විසින් මෙම පියවර ගෙන තිබේ. මේ වන විට මෙම ප්‍රතිමාව පවතින ප්‍රදේශයට යාමට පවතින එම පොදු ප්‍රවාහන ක්‍රමවේදය බස් සේවාවක් පමණි.

මේ වන විට මසුන් යොදාගෙන යකඩ කූඩු වලට කොටු කරගන්නා කිඹුලන්, කැබ් හා ට්‍රක් රථ මගින් ගුජරාට් ප්‍රාන්තයේ වෙනත් ස්ථාන කරා ගොස් මුදාහරිනු ලබයි. මේ දක්වා කොටු කරගෙන ඇති විශාලතම කිඹුලා අඩි 09කටත් වඩා දිග බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

කෙසේ වෙතත්, නිසි පිළිවෙතක් නොමැතිව මෙම සතුන් වෙනත් ස්ථාන වලට ගොස් දැමීම සම්බන්ධයෙන් පරිසරවේදීන් දැඩි කනස්සල්ල පළ කර ඇත.

ඉන්දීය රුපියල් බිලියන 29.9 ක් (ඇ ඩො මිලියන 430 ක්) වැය කරමින් ඉදිකළ ලෝකඩ ආලේපිත "එක්සත්භාවයේ ප්‍රතිමාව" උස මීටර් 182ක් වන අතර, එමගින් නිරූපණය කර ඇත්තේ, ඉන්දියාවේ නිදහස් සටනේ නියමුවෙකු වූ සර්දාර් වල්ලාභායි පටෙල් ය. මෙම ප්‍රතිමාව පසුගිය වසරේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතින් විවෘත විය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top