Feb 04, 2019

කීර්තිමත් ලේඛකයෙකු වෙඩි පහරකින් මරුට

ඉරාකයේ කීර්තිමත් ලේඛකයෙකු වන ඇලා මැෂොබ් (Alaa Mashzoub) මහතා  වෙඩි තබා ඝාතනය කර ඇත. 
 
නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව වාර්තා වේ.
 
51 වියේ පසුවූ ඒ මහතා පෙරේදා (02) සවස සාහිත්‍ය හමුවකට සහභාගී වී නැවත යතුරු පැදියෙන් පැමිණෙමින් සිටියදී ඔහුගේ නිවස ඉදිරිපිටදී මෙසේ ඝාතනය වී ඇත. එහිදී ඔහුට මාරාන්තික වෙඩි පහර 13ක් එල්ල කර ඇති බවද පැවසේ.
 
මෙම ලේඛකයා ග්‍රන්ථ 20 පමණ රචනා කර ඇති අතර විශේෂයෙන්  ඉතිහාසය සහ සංස්කෘතිය යන අංශ පිළිබඳ ග්‍රන්ථකරණයේ නියැලී ඇත. 
 
මෑත කාලයේ ඉරාකයේ දේශපාලන ඝාතන ගණනාවක් වාර්තා විය. 
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top