Feb 05, 2019

හිමාල, හින්දුකුෂ් කඳුවැටි වල ග්ලැසියර් අනතුරේ!

ඉන්දියාවේ හිමාල හා හින්දුකුෂ් කඳුවැටි වල ඇති ග්ලැසියර වලට ලොව කාලගුණික විපර්යාසය දැඩි ලෙස බලපා ඇතැයි නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

ප්‍රදේශයේ කාබන් ඩයොක්සයිඩ් සංයුතිය අඩු නොවුවහොත් මෙම කඳුවැටි වල ඇති අයිස් වලින් 2/3ක් අහිමිවී යනු ඇති බව එහි දැක්වේ. එසේ වුවද, මෙම ශතවර්ෂය තුළදී ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5කින් වැඩිවුවහොත් මෙහි අයිස් ප්‍රමාණයෙන් 1/3ක් වත් අහිමි වනු ඇත.

මෙම ප්‍රදේශයේ ඇති ග්ලැසියර අයිස් රටවල් 08ක් පුරා ජීවත් වන මිලියන 250ක ජනගහනයේ ප්‍රධාන ජල සැපයුම් මාර්ගයයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top