Mar 01, 2019

බින් ලාඩන්ගේ පුතා හොයන්න ඩොලර් මිලියනයක තෑග්ගක්

අල්කයිඩා සංවිධානයේ හිටපු නායක ඔසාමා බින් ලාඩන්ගේ පුත්‍රයෙකු වන හම්සා බින් ලාඩන් අත්අඩංගුවට ගැනීම සඳහා ඉවහල් වන තොරතුරක් ලබාදෙන අයෙකුට ඇමරිකානු ඩොලර් මිලියනයක ත්‍යාග මුදලක් ලබාදෙන බව ඇමෙරිකාව නිවේදනය කරයි.

හම්සා බින් ලාඩන් මේ වන විට අල්කයිඩා සංවිධානයේ ප්‍රධාන පෙළේ නායකයෙකු බව වාර්තා බව ඇමෙරිකානු බලධාරීන් පවසයි. ඔහු වර්තමානයේදී ඇෆ්ගන් - පකිස්තානු දේශසීමාව ආසන්නයේ සැඟව සිටින බව විශ්වාස කෙරේ.

බින් ලාඩන් 2011 වසරේ දී ඇමරිකානු මැරීන් භට කණ්ඩායමක් අතින් ජීවිතක්ෂයට පත්විය.

ඉන් අනතුරුව ඔසාමා බින් ලාඩන්ගේ ජීවත්වන බිරින්දෑවරුන් තුන්දෙනා සහ ඔවුන්ගේ දරුවන්ට ඔවුන් උපන් රට වූ සෞදි අරාබියට පැමිණීමට අවසර ලැබුණද හම්සා සෞදි අරාබියට ගොස් නැත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top