Mar 05, 2019

අබින් කාපු ගිරව් නිසා ගොවියන් අනාථයි! (වීඩියෝ)

සිය වගාවන් වලට හානි කරන ගිරව් රංචු හේතුවෙන් තමන් දැඩි පාඩු ලබමින් සිටින බව ඉන්දියාවේ අබින් ගොවීන් මැසිවිලි නගයි.

අවිධිමත් වර්ෂාවට අමතරව අබින් වලට ඇබ්බැහි වූ ගිරවුන් රංචු හේතුවෙන් සිය වගාබිම් වලට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව මාධ්‍ය ප්‍රදේශයේ ගොවීන් සඳහන් කරයි.

ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගෙන මෙම පක්ෂීන් පලවා හැරීමට ගත් පියවරද අසාර්ථක වී ඇතැයි පවසන ඔවුන්, මෙම ගැටලුව විසඳීම සඳහා බලධාරීන් සහය ලබාදී නැති බවට චෝදනා කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ඩ්සෝර් හි උද්‍යාන විද්‍යා විද්‍යාලයේ අබින් විශේෂඥයෙකු වන ආචාර්ය ආර්.එස්. චුන්ඩාවාත් මහතා පවසා ඇත්තේ කෝපි හෝ තේ පානය පානය කිරීමෙන් අනතුරුව මනුෂ්‍යයෙකු හට ක්ෂණික ශක්තිය ලබන අයුරින් මෙම පක්ෂීන් හටද අබින් වලින් ක්ෂණික ශක්තියක් ලබාදෙන බවයි. එක් වරක් මේ අයුරින් ශක්තිය ලබන මෙම ගිරවුන්, ඉතා ඉක්මනින් අබින් වලට ඇබ්බැහි වන බව හෙතෙම වැඩිදුරටත් පවසයි.

ඖෂධ සමාගම් සඳහා අබින් සැපයීමට පොපි මල් වගාකරන මෙම ගොවීන් හට මෙම වගාව සිදුකරගෙන යාම සඳහා විශේෂ බලපත්‍රයක් ද ලබාගත යුතු වේ. එක් පොපි මලකින් අබින් ග්‍රෑම් 20-25ක් අතර ප්‍රමාණයක් ලබාගත හැකිය.

සම්පූර්ණ පොපි මල් නටුවෙන් කඩාගෙන යන ගිරවුන් ඇතුළත් වීඩියෝවක් ඒෂියන් නිවුස් ඉන්ටර්නැෂනල් (ANI) පුවත් සේවය විසින් පළ කර තිබුනේ මේ අයුරිනි.

  


 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top