Mar 07, 2019

කාර්ඩේෂියන් බඩපිස්සි ලොව ලාබාලම බිලියනපතිනියයි

ෆෝබ්ස් බිලියනපති ලැයිස්තුවට අනුව කයිලි ජෙනර් ලෝකයේ ලාබාලම ස්වයං-සකසූ බිලියනපති ලෙස නම් කෙරේ.

කාර්ඩේෂියන් පවුලේ ලාබාලතම සාමාජිකාව වන ඇය රූපලාවන්‍ය ව්‍යාපාරිකාවකි.

වසර තුනක් ඇතුළක සිය ව්‍යාපාරය තුළින් ලොව පුරා ජනප්‍රිය වූ කයිලිගේ පසුගිය වසරේ අලෙවි ආදායම් ඇස්තමේන්තුව ඩොලර් මිලියන 360 කි.

ඇය මේ වන විට 21 වැනි වියේ පසුවන අතර වයස අවුරුදු 23 දී බිලියනපතියකු වූ ෆේස් බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් ට පෙර මෙම තත්ත්වයට පැමිණීමට ඇය සමත්වීම ද විශේෂ සිද්ධියකි.

මේ අතර එම ලැයිස්තුව නැවතත් ලොව ධනවත්ම පුද්ගලයා ලෙස නම් කර ඇත්තේ ඇමසන් නිර්මාතෘ ජෙෆ් බෙසොස් ය.

ඩොලර් බිලියන 131ක වත්කමක් සහිත ඔහු 2018 වසරේ දී ඩොලර් බිලියන19කින් සිය වත්කම ඉහළ දමාගෙන තිබේ.

කෙසේවුවද, බොහෝ බිලියනපතියන් ගේ වත්කම් පහළ ගොස් ඇති බව පෙන්වා දෙන ෆෝබ්ස් ලැයිස්තුව වාර්තා කරන්නේ ෆේස් බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් ද ඒ අතර වන බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top