Mar 07, 2019

හුවාවේ සමාගම ඇමෙරිකානු රජයට නඩුදමයි

ලොව දැවැන්තම විද්‍යුත් සන්නිවේදන සමාගමක් වන හුවාවේ සමාගම විසින් ඇමෙරිකානු රජයට එරෙහිව නඩුමගට බැස ඇතැයි වාර්තා වේ.

ඇමෙරිකානු ෆෙඩරල් ඒජන්සි විසින් හුවාවේ භාණ්ඩ භාවිතා කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකානු රජය සීමා පනවා ඇති අතර, චීන ටෙලිකාෙම් සමාගම් වර්ජනය කිරීමට පෙළඹවීමට විවිධ පාර්ශව වල සහය ලබාගෙන ද තිබේ.

හුවාවේ සමාගම වැඩිදුටත් සඳහන් කර සිටින්නේ චීන රජයට සබඳතා ඇතැයි තමන් හට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත්, තමන්ට එරෙහිව පනවා ඇති තහනමට සහය දක්වන සාක්ෂි ඉදිරිපත් කිරීමට ඇමෙරිකාව අසමත් වී ඇති බවත්ය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top