Mar 11, 2019

ඉතියෝපියානු ගුවන් අනතුර : බෝයිං සමාගමට ප්‍රශ්ණ

පුද්ගලයන් 157 දෙනෙකු හට මරු කැඳවමින් ඊයේ (10) දින සිදුවූ ඉතියෝපියානු ගුවන් අනතුරෙන් පසුව ඇමෙරිකාවේ බෝයිං සමාගමට ප්‍රශ්ණ රැසකට මුහුණදීමට සිදුව ඇතැයි වාර්තා වේ.

ඉතියෝපියානු ගුවන් සේවයට අයත් කඩාවැටුනු යානය, බෝයිං 737 Max 8 වර්ගයට අයත් නවතම යානයකි.

මෙම වර්ගයට අයත් යානයක් හා සම්බන්ධයෙන් මාස පහක කාලයක් අතරතුරදී වාර්තා වූ දෙවැනි ගුවන් අනතුර මෙයයි.

කෙසේවෙතත්, ඊයේ ගුවන් අනතුර සිදුවීමට හේතුව මෙතෙක් වාර්තා වී නොමැත.

නයිරෝබි නුවර බලා යාමට යානය ගුවන් ගත කර මිනිත්තු 06ක කාලයකින් එය කඩාවැටී ඇති අතර, රටවල් 30කට වැඩි ප්‍රමාණයක පුද්ගලයන් මෙම අනතුරෙන් මිය ගොස් තිබේ.

ඉතියෝපියානු රජය විසින් අද දිනය ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top