Mar 12, 2019

පස්වැනි වරටත් එන්නැතැයි බූටෆ්ලිකා කියයි

පස්වැනි වරටත් ජනාධිපති ධූරයට පත්වීමට තමා ඉදිරිපත් නොවන බව ඇල්ජීරියානු ජනාධිපති අබ්දූලසීස් බූටෆ්ලිකා පවසා තිබේ.

මේ බව පවසමින් ඔහු අප්‍රේල් 18දා පැවැත්වීමට නියමිතව තිබුණු ඇල්ජීරියානු ජනාධිපතිවරණයද කල්තබා ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

අසූ දෙහැවිරිදි බූටෆ්ලිකා 2013 වසරේදී ආඝාතයට (Stroke) ගොදුරු වීමෙන් අනතුරුව අංශභාග රෝගියෙකු බවට පත්වූ අතර, එතැන් පටන් ඔහු ජනතාව ඉදිරියේ පෙනී සිටීමට හෝ ජනතාව අමතා නැතග

කෙසේවෙතත්, තමා යළිත් වතාවත් ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බවට බූටෆ්ලිකා ප්‍රකාශ කිරීමත් සමග පසුගිය සති කිහිපයේදී ඇල්ජීරියාව පුරාවට විරෝධතා පැවත්වුණි.

ජනාධිපතිවරණයක් සඳහා නව දිනයක් නම් කර නැති බවත් කැබිනට් සංශෝධනයක් ඉක්මනින්ම සිදුකරන බවත් බූටෆ්ලිකා මහතා ගේ නමින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක දැක්වෙන බවද විදෙස් වාර්තා වැඩිදුරටත් කියා සිටියි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top