Mar 21, 2019

ළමුන් රැගත් බස්රථය පැහැරගෙන ගිනි තියලා

පාසල් ළමුන් පනස් එකක් රැගත් බස් රථයක් එහි රියදුරු විසින් පැහැරගෙන ගිනිතැබූ පුවතක් ඉතාලියේ මිලාන් නුවරින් වාර්තා වේ.

එහි සිටි ඇතැම් දරුවන් ගේ අතපය බැඳදමා තිබුණු අතර, බස්රථයේ පසුපස වීදුරුව බිඳදමමින් ඔවුන්ව බේරාගැනීමට හැකිවී ඇත.

මෙම සිද්ධියෙන් කිසිවෙකු මියගොස් නැති නමුත් පුද්ගලයන් 14 දෙනෙකු දුම් ආශ්වාස කිරීම හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා කිබේ.

මෙම බස්රථයේ රියදුරු, ඉතාලි පුරවැසිභාවය ලද 47 හැවිරිදි සෙනගාල් ජාතිකයෙකු බව වාර්තා වන අතර, ඔහු, ඉතාලියේ සංක්‍රමණික ප්‍රතිපත්තිය පිළිබඳව කෝපයෙන් සිටි බව පැවසේ.

මෙම බස්රථය වෙනත් මාර්ගයක ගමන් කරන අතරදී ඔහු එක්වරම පිහියක් පෙන්වා තර්ජනය කර ඇති අතර, මේ බව බස්රථයේ සිටි දරුවෙකු සිය දෙමාපියන් හට දුරකථනයෙන් දන්වා ඇත. ඒ අනුව මේ පිළිබඳව වහාම පොලිසිය දැනුවත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top