Mar 23, 2019

ISIS මුළුමනින්ම සිරියාවෙන් නෙරපා හැරෙයි

ඉස්ලාමීය රාජ්‍යයට අයත්ව තිබූ සිරියාවේ සියලුම ප්‍රදේශ මුදාගත් බවට අමෙරිකාවේ සහය ලබන සිරියානු ප්‍රජාතාන්ත්‍රික හමුදා ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ISIS ත්‍රස්තවාදී සංවිධානය යටතේ පැවැති සියලු බිම් ප්‍රදේශවල පාලනය ඔවුන්ගෙන් ගිලිහී ඇති බවය.

අමෙරිකානු හමුදාවේද සහය ඇතිව අදාළ බල කොටුව අත්පත් කරගත් බව ඔවුන් පවසා සිටියි.

ISIS සංවිධානය ඇතැම් අවස්ථාවලදී සිරියාවේ සහ ඉරාකයේ වර්ග කිලෝමීටර් 88000 බලය අත්පත් කරගෙන තිබුණි.

ජයග්‍රහණයට පෙර අවසන් සටන ඉතා දරුණු ආකාරයෙන් පැවති බව ඔවුන් සඳහන් කර ඇති අතර තවදුරටත් සිරියාවේ ISIS කැරළිකරුවන් නොමැති බවට අමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව ද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශකර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top