Apr 03, 2019

පුරවැසියන්ගේ විරෝධය හේතුවෙන් ජනාධිපති ඉල්ලා අස්වෙයි

ඇල්ජීරියානු ජනාධිපති අබ්දෙල් අසීස් භූටේෆ්ලික් සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජනාධිපතිවරයාට එරෙහිව රට තුළ දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ වූයේ 5වැනි වරටත් ජනාධිපති ධුරය සඳහා තරඟ වැදීමට ඔහු සූදානම් වීමත් සමඟිනි.

රටේ තරුණ කොටස් සති 6ක් පුරාවට ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බල කෙරෙමින් පැවති උද්ඝෝෂණ මෙන්ම එරට බලගතු හමුදාවල වසර 20ක ජනාධිපතිවරයාගේ පාලනය නිමා කරන ලෙස බලපෑම් කිරීම මෙම තීරණයට හේතුවී ඇති බව පැවසේ.

83 හැවිරිදි ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමත් සමඟ ඉහළ මන්ත්‍රණ සභාවේ ප්‍රධානී අබ්දෙල්කාදර් බෙන්සලාහා මැතිවරණයක් පැවැත්වෙන තෙක් දින 90ක් රටේ පාලන බලතල හොබවනු ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top