Apr 08, 2019

රුවන්ඩාගේ සංහාරයට 25 වසරයි

ලොවම හැඬවූ රුවන්ඩා සංහාරය සිදුවී විසිපස් වසරක් ගතවී තිබේ.

මෙම ශෝකජනක සිදුවීමේ අනුස්මරණ උත්සවය රුවන්ඩාවේ කිගාලි අගනුවර පැවැත්වුණු අතර, ඝාතනයෙන් අවසන් වූ කැරලිකාර බලකාය මෙහෙයවූ එරට වත්මන් ජනපති පෝල් කගාමි විසින් එහිදී අනුස්මරණ ගිනිදැල්ලක් දල්වනු ලැබීය.

රුවන්ඩා සංහාරයට බිලිවූ 250,000ක් පමණ මිහිදන් කර ඇතැයි විශ්වාස කෙරෙන භූමියක ඉදිවී ඇති කිගාලි ස්මාරය අභියස පැවැත්වුණු මෙම අනුස්මරණ උත්සවයට රැස්වූවන් අමතමින් රුවන්ඩා ජනපතිවරයා පවසා සිටියේ රට නැවත වරක් "පවුලක් බවට පත් වී ඇති” බවත්ය.

"1994 දී බලාපොරොත්තුවක්, අන්ධකාරයක් නොතිබුණි… අද, මෙම ස්ථානයෙන් ආලෝකය පැතිරෙයි. එය සිදු වූයේ කෙසේද? රුවන්ඩාව නැවත වරක් පවුලක් බවට පත් වීමෙනි…,” යැයි ඔහු පැවසීය.

වසර 1994දී දින සියයක කාලයක් තුළදී රුවන්ඩාවේ දහයෙන් පංගුවක් එනම් 800,000ක් පමණ ඝාතනයට ලක්වූ අතර, දින 100ක් පුරාවට ශෝක කාලයක් ලෙස මෙම අඳුරු යුගය රුවන්ඩා වැසියන් විසින් අනුස්මරණය කරනු ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top