Apr 10, 2019

විරෝධතා වේදිකාවේ රජකරන නූබියන් රැජින (වීඩියෝ)

සුඩානයේ කාටූම් අගනුවර රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ වල හඬනගන කාන්තා චරිතයක් පිළිබඳව මේ දිනවල සමාජ ජාලා මාධ්‍ය වල රැල්ලක් පවතියි.

උද්ඝෝෂණ වල හඬනගන ඇගේ වීඩියෝ ට්විටර් ඔස්සේ මේ වන විට ඉතා සීඝ්‍රයෙන් ලොවපුරා පැතිර ගොස් තිබේ.

ඇයට මේ වන විට ‘කන්දාකා’ යනුවෙන් නමක්ද පටබැඳී ඇති අතර, එහි තේරුම වන්නේ නූබියන් රැජින යන්නයි. විරෝධතාවයකදී ඇය හඬනගන වීඩියෝවක් පහත දැක්වේ.

දේශපාලන දූෂණ වංචා වලට ඉඩතැබීම හා මානව හිමිකම් කඩකිරීම යන චෝදනා යටතේ සුඩාන ජනපති ඕමාර් අල් බෂීර් ට එරෙහිව එරට උද්ඝෝෂණ පැවැත්වෙන අතර, අල් බෂීර් ජනපති ධූරයෙන් ඉවත්විය යුතු බව ඔවුන් පවසා සිටියි.

දෙසැම්බර් මාසයේදී ආරම්භ වුනු මෙම උද්ඝෝෂණ රැල්ල හේතුවෙන් මේ වන විට මරණ 38ක් වාර්තා වී ඇති බව සුඩාන රජය පවසා සිටියද, හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසා සිටින්නේ මෙම සංඛ්‍යාව ඊට වඩා වැඩි බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top