Apr 24, 2019

මියන්මාර නායයාමකට ජේඩ් පතල්කරුවන් කොටුවෙයි

මියන්මාරයේ ඇතිවූ මඩ නායයාමකට ජේඩ් පතල්කරුවන් 54 දෙනෙකුට වැඩිපිරිසක් හසුවී ඇතැයි වාර්තා වේ.

මොවුන් මඩ යට සිරවී ඇති බැවින් බොහෝවිට ඔවුන් මියගොස් ඇතැයි සැකපළ කෙරේ.

කචින් ප්‍රාන්තයේ සිදුවූ මෙම නායයාම හේතුවෙන් දැවැන්ත මඩවලක් නිර්මාණය වූ බවත්, එමගින් පතල්කරුවන් ගේ නවාතැන්පොලවල් සහ වාහන 40ක් පමණ වැසී ගිය බවත් මියන්මාර් පොලිසිය සඳහන් කරන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මේ දක්වා සොයාගෙන ඇත්තේ මළසිරුරු තුනක් පමණක් බවත්, සිරුරු සොයාගැනීමට අපහසු බව ප්‍රදේශීය නිලධාරීන් පවසයි.

කෙසේවෙතත්, තවමත් මෙම ඛේදවාචකයෙන් දිවිබේරාගත් පුද්ගලයන් සෙවීමේ මෙහෙයුම් අත්හිටුවා නැත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top