දෙවැනි 'බෙල්ට් ඇන්ඩ් රෝඩ්' සමුළුවේ සමාරම්භක උළෙල අමතන චීන ජනපති ෂී ජින්පින් මහතා (ඡායාරූපය : CGTN) දෙවැනි 'බෙල්ට් ඇන්ඩ් රෝඩ්' සමුළුවේ සමාරම්භක උළෙල අමතන චීන ජනපති ෂී ජින්පින් මහතා (ඡායාරූපය : CGTN)
Apr 26, 2019

වඩාත් විවෘත චීනයක් ගැන ෂී ජින්පින් කියයි

වඩාත් විවෘත වූ චීනයක් තවදුරටත් ලෝකයා හා ඒකාබද්ධ වනු ඇති බව චීන ජනපති ෂී ජින්පින් මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේ අද (26) බීජිං අගනුවර ආරම්භ වූ දෙවැනි 'බෙල්ට් ඇන්ඩ් රෝඩ්' සමුළුවේ සමාරම්භක උළෙල අමතමිනි.

මෙම අවස්ථාවට ලොව රාජ්‍ය නායකයන් රැසක් ඇතුළු රටවල් ගණනානක නියෝජිතයන් සහභාගී විය.

විවිධ සංස්කෘතීන් හට එකිනෙකා ගෙන් බොහෝ දෑ ඉගැනීමට ඔවුනොවුන් අතර පාලම් ගොඩනැගීම ලොවට අවශ්‍ය කරුණක් බව සඳහන් කළ චීන ජනපතිවරුයා, වැඩිදුරටත් සඳහන් කර සිටියේ 'බෙල්ට් ඇන්ඩ් රෝඩ්'ව්‍යාපෘතියට එක්ව සිටින දේශපාලන පක්ෂ, බුද්ධි මණ්ඩල හා රාජ්‍ය නොවන සංවිධානය වල නියෝජිතයන් 10,000කට චීනයේ හුවමාරු වැඩසටහන් සඳහා ඉදිරි පස් වසර තුළ දී ආරාධනා කරන බවයි.

- ශානිකා ජයසේකර බීජිං නුවර සිට

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top