Apr 28, 2019

ඇමරිකාවේ පාස්කු මෙහෙයක වෙඩි තැබීමක් කතක් මරුට 3කට තුවාල !

පාස්කු මංගල්‍යය අවසානයේ දී ඊයේ (28) ඇමරිකාවේ කැලිෆෝනියාවේ පැවති සිනගෝගයක් ඉලක්ක කරගනිමින් වෙඩි ප්‍රහාරයක් සිදුවී ඇතැයි වාර්තා වේ.

මෙම ප්‍රහාරයෙන් කාන්තාවක් මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තාවල දැක්වේ.

මේ සම්බන්ධයෙන් 19 හැවිරිදි පුද්ගලයෙකු සැන් ඩියේගෝ නගරයට උතුරින් පිහිටි පෝවේ හිදී අත්අඩංගුවට ගෙන ඇතිබව ඒජන්සි වාර්තා සඳහන් කරයි.

මෙම ප්‍රහාරයට පාදක වූ හේතුවක් පිළිබඳව ඇමෙරිකානු පොලිසිය විසින් මේ දක්වා ප්‍රකාශ කර නොමැති නමුත් ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසා ඇත්තේ මෙම ක්‍රියාව වෛරී අපරාධයක් ලෙස දිස්වන බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top