May 03, 2019

ජපානයේ රෙයිවා යුගය ඇරඹෙයි

ජපානයේ නව අධිරාජ්‍යවරයා ලෙස ඔටුන්න හිමි නරුහිතෝ කුමරු ගේ කිරුළු පැළඳීම පසුගිය 01 දා සිදුවිය.

ඔහු මේ ලෙස ජපාන අධිරාජ්‍ය ධූරයට පත් වූයේ, ඔහුගේ පියා වන 85 හැවිරිදි අකිහිතෝ සිය වයස්ගතභාවය සහ දුර්වල සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ධූරය අත්හැරීම හේතුවෙනි.

මෙම උත්සවය ජපානයේ ඉම්පීරියල් පැලස්හි දී පැවැත්වුණු අතර, එහිදී නරුහිතෝ කුමරු ජපානයේ 126වැනි අධිරාජ්‍යවරයා ලෙස කිරුළු පැළඳීය. මෙහිදී ඔහු රාජ්‍යත්වයේ සංකේත ලෙස සැලකෙන පාරම්පරික කඩුව සහ මැණික භාර ගත්තේය.

අඟහරුවාදා මධ්‍යම රාත්‍රියෙන් අකිහිතෝ අධිරාජ්‍යයාගේ පාලන සමය අවසන් වීමත් සමග නරුහිතෝ අධිරාජ්‍යයා ලෙස මූලිකව පිළිගැනුණු අතර ඒ අනුව, අභිනව රෙයිවා යුගය ආරම්භ විය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top