May 06, 2019

රුසියානු ගුවන් යානයක් ගොඩබැසීමේදී ගිණිගනියි (වීඩියෝ)

රුසියාවේ මොස්කව් හි පිහිටි ෂෙරෙමෙටෙවේවෝ ගුවන් තොටුපලට හදිසි ගොඩබැමක් සිදුකළ ගුවන් යානයක ඇතිවූ හදිසි ගින්නක් හේතුවෙන් එහි ගමන් කළ මගින් 41 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ.

රුසියාවේ ජාතික ගුවන් සේවයට අයත් Aeroflot සමාගම නිවේදනය කර සිටියේ සිය ගුවන් සමාගමට අයත් මෙම ගුවන් යානයේ හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් යානය යළි ගුවන් තොටුපළට හරවා ඒමට සිදුවූ බවයි. ගුවන් ගතවී සුළු මොහොතකින් ගුවන් යානයේ කාර්මික දෝෂයක් ඇතිවී තිබෙන බව කාර්ය මණ්ඩලය විසින් මගින් දැනුවත් කර ඇති අතර යානය ආපසු හරවා ගුවන් තොටුපළට ගොඩබැමේදී එකවර එහි එන්ජිම ගිණිගෙන ඇත.

මෙම ගිණි ගැනීමට ලක්වූ ගුවන් යානය තුළ මගින් 78 දෙනෙක් සහ කාර්ය මණ්ඩයේ පස් දෙනෙක් සිටි බව වාර්තා වේ. මියගිය පිරිස අතර ගුවන් සේවිකාවක් සහ කුඩා දරුවන් දෙදෙනෙක්ද සිටී.

තුවාල ලැබූ පුද්ගලයින් හය දෙනෙකු මේ වන විට රෝහල් ගතව සිටින අතර එයින් තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බව එරට සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටී.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top