Jun 07, 2019

දූරියන් ගෙඩියක් ඩොලර් 48,000කට වෙන්දේසි වෙයි!

දූරියන් ගෙඩියක් ඩොලර් 48,000කට අලෙවි වූ පුවතක් තායිලන්තයෙන් වාර්තා වේ.

මෙය, ලොව මිල අධිකම දූරියන් ගෙඩියේ වටිනාකම ලෙසද සටහන් වෙයි.

‘කිං ඔෆ් දූරියන් 2019’ නම් පුණ්‍යකටයුතු උදෙසා සිදුකළ වෙන්දේසියක් පසුගියදා බැංකොක් හිදී පැවැත්වුණු අතර, මෙම අවස්ථාවේදී ලොව මිල අධිකම දූරියන් ගෙඩි 09ක් වෙන්දේසි කර ඇත.

මෙම වෙන්දේසිය සංවිධානය කර තිබුණේ තායිලන්තයේ නොතබුරි පළාතේ කෘෂිකාර්මික කාර්යාලය විසිනි.

මෙසේ ලොව මිල අධිකම දූරියන් ගෙඩිය ලෙස අලෙවි වී ඇත්තේ කන්යාඕ (Kanyao) නම් විශේෂයට අයත් දූරියන් ගෙඩියකි. තායි වෙළඳපොලේ සාමාන්‍ය දූරියන් ගෙඩියක මිල භාත් 500ක් පමණ වුවද, කන්යාඕ දූරියන් ගෙඩියක වටිනාකම භාත් 20,000 ක පමණ සිට ආරම්භ වන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

කන්යාඕ දූරියන් මෙතරම් මිල අධික වන්නේ මෙහි හැඩය, පැහැය හා තදබව හේතුවෙන් බව පැවසේ.

(ඡායා : CGTN)

61700328 3143337209040411 2518730948799889408 n

61818545 3143337259040406 8467106275455401984 n

61868261 3143337249040407 385731927681794048 n

62021513 3143337359040396 5049084680398176256 n

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top