OPEN

#

OPEN

#

Jul 03, 2019

යුරෝපා කොමිසම් මුල්පුටුවට මුල් වරට කාන්තාවක්!

යුරෝපා කොමිසම් ප්‍රධානියා ලෙස මුල් වරට කාන්තාවක් යෝජනා වී තිබේ.

ඒ, ජර්මනියේ ආරක්ෂක අමාත්‍යවරිය ලෙස කටයුතු කරන අර්සලා වොන් ඩර් ලේයන් ය.

මේ අතර, යුරෝපා මධ්‍යම බැංකුවේ ප්‍රධානියාගේ තනතුර සඳහා ද මුල් වරට කාන්තාවක් යෝජනා වී ඇති අතර, එලෙස යෝජනා වී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ක්‍රිස්ටීන් ලෙගාර්ඩ් ය.

යුරෝපා කොමිසම් ප්‍රධාන තනතුරු සඳහා මේ වන විට යුරෝපා නායකයන් විසින් නාමයෝජනා ඉදිරිපත් කර ඇති අතර, එම තනතුරු ගණනාවක් යුරෝපා පාර්ලිමේන්තුව විසින් සම්මත කර යුතු බවට විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top