Jul 08, 2019

මුල් අප්‍රිකානු ගගණගාමියා වෙන්න ගිය මසෙකො රිය අනතුරකට බිලිවෙයි

පළමු අප්‍රිකානු ගගණගාමියා ලෙස ඉතිහාසයට එක්වීමට නියමිතව සිටි දකුණු අප්‍රිකානු ජාතික තරුණයෙකු යතුරුපැදි අනතුරකින් මියගොස් ඇතැයි වාර්තා වේ.

තිස් හැවිරිදි මැන්ඩ්ලා මසෙකො නම් ඔහු, පෙරේදා දින මියගොස් ඇතැයි ඔහුගේ පවුල විසින් සනාථ කර ඇත.

දකුණු අප්‍රිකානු ගුවන් හමුදා සාමාජිකයෙකු වන ඔහු, වසර 2013දී ඇමෙරිකානු අභ්‍යවකාශ ඇකඩමිකයකට එක්වීමට තවත් පුද්ගලයන් මිලියනයක් පමණ පරදවා අවස්ථාව දිනාගත්තේය. මෙම අවස්ථාවට දිනාගැනීමට හැකිවූයේ මසෙකො ඇතුළු 23 දෙනෙකුට පමණි.

මිතුරන් අතර ඔහු ඇෆ්රොනෝට් හා ස්පේස්බෝයි ලෙස ද හැඳින්වුණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top