Jul 10, 2019

ඉන්දීය "දෝසා රජු" ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් අභියස

ලොවපුරා ජනප්‍රිය ඉන්දීය අවන්හල් ජාලයක් වන 'සරවනභවන්' හි හිමිකරු ලද ජීවිතාන්තය දක්වා සිරදඬුමකට එරෙහිව සිදුකළ අවසන් ඇපෑල ද අසාර්ථක වී ඇතැයි වාර්තා වේ.

71 හැවිරිදි පී. රාජගෝපාල් විසින් සිය සේවකයෙකු ගේ බිරිඳක් විවාහ කරගැනීමේ අරමුණෙන් එම සේවකයාව ඝාතනය කිරීමට නියෝග කළ බවට හෙළි වූ අතර, මේ හේතුවෙන් වසර 2009දී ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් ද ඉන්දීය අධිකරණයක් විසින් නියම කරනු ලැබුණි.

එතැන් පටන් සිරදඬුවමින් බේරීමට ඔහු දැඩි පරිශ්‍රමයක් දැරූ අතර, සෞඛ්‍ය තත්ත්වය මත සිදුකළ අවසන් ඉල්ලීමද ඊයේ දින චෙන්නායි අධිකරණයක් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුණි.

ජෝතිෂ්‍යවරයෙකුගේ උපදෙස් මත ඔහුගේ සේවකයෙකුගේ බිරිඳ සමඟ විවාහ වීමට රාජගෝපාල් අදහස් කර සිටි අතර, වසර 2003දී මෙම කාන්තාවට අල්ලස් දීමට තැත් කිරීම සහ ඇගේ පවුලේ අය බිය ගැන්වීම සම්බන්ධයෙන් රාජගෝපාල් දැඩි ලෙස අපකීර්තියට පත්විය.

“ඔහු ඇය කෙරෙහි දැඩි ඇල්මක් දැක්වූවා,” යැයි ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු වන ඩී සුරේෂ් කුමාර් ඒඑෆ්පී ප්‍රවෘත්ති ඒජන්සියට පවසා තිබුණි.

2001 දී එම කාන්තාවගේ සැමියා අතුරුදහන් වූ විට ඇය රාජගෝපාල්ට එරෙහිව පොලිස් පැමිණිල්ලක් ගොනු කර තිබුණි. පසුව ඇගේ සැමියාගේ සිරුර කැළෑවක තිබියදී සොයාගත් අතර ඔහු ගෙල සිරකර ඇති බව පොලිසිය විසින් තහවුරු කර තිබුණි.

ප්‍රාදේශීය අධිකරණයක් විසින් 2004 දී රාජගෝපාල්ට පළමු වරට වරදකරු කොට වසර 10 ක සිරදඬුවමක් නියම කළේය. නමුත් මෙය 2009 දී චෙන්නායි මහාධිකරණය විසින් සිරගෙදර ජීවිතාන්තය දක්වා දීර්ඝ කරන ලදී.

මාර්තු මාසයේදී මිනීමැරුම් වරද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කරන ලදී.

සේවකයන් දහස්ගණනක් සේවය කරන සරවනභවන් අවන්හල් සමාගමට නිව් යෝර්ක්, ලන්ඩන් සහ සිඩ්නි ඇතුළු ලොවපුරා අලෙවිසැල් 80ක් පවතියි. මෙම අවන්හල් වල ජනප්‍රිය තෝසේ හේතුවෙන් රාජගෝපාල් "දෝසා රජ" යන අන්වර්ථ නාමයෙන්ද හැදින්වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top