Jul 19, 2019

හවායි දුරේක්ෂ ව්‍යාපෘතියට විරෝධයක්

ස්වදේශික හවායි වැසියන් විසින් පූජනීය යැයි සලකන කන්දක් මත විශාල දුරේක්ෂයක් තැනීමේ සැලසුමට එරෙහිව විරෝධතාවක් පැවැත්වේ.

මෙම දුරේක්ෂය තැනීමට සැලසුම් කර ඇත්තේ හවායි හි උසම කන්ද වන මෞනා කියා (Mauna Kea) මතය.

කෙසේවෙතත්, මෙම භූමියට පිවිසීම වැළැක්වීම සඳහා උද්ඝෝෂකයන් විසින් මිනිස් පවුරක් තනා ඇත.

කෙසේ වෙතත්, මිනිස් පවුර බිඳ දැමීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට වැඩි විකල්ප ලබා දෙමින් හවායි ආණ්ඩුකාර ඩේවිඩ් ඉගේ විසින් හදිසි ප්‍රකාශයකට අත්සන් තබා තිබේ.

මෙම Thirty Meter Telescope (TMT) ලොව විශාලතම දුරේක්ෂයක් වනු ඇත.

දිගු කලක් පුරාවට හවායි හි මතභේදයට තුඩු දී ඇති ඩොලර් බිලියන 1.4 (ඩොලර් බිලියන 1.1) වටිනා මෙම ව්‍යාපෘතිය මගින් පූජනීය භූමියට නිසලබවට බාධා පමුණුවන බවත්, පාරිසරික හානි සිදු කරන බවත් විරෝධතාකරුවන් පවසයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top