Jul 22, 2019

හොංකොං විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් 

හොංකොං හි පැවති විශාල විරෝධතා වෙත එරට කැරළි මර්ධන ඒකකය විසින් කඳුළු ගෑස් හා රබර් උණ්ඩ එල්ල කර ඇතැයි වාර්තා වේ.

විරෝධතා රැළිය පැවත්වීමට බලධාරීන් නියම කර තිබූ සීමා මායිම ඉක්මවා චීනයේ මධ්‍යම රජයට අයත් කාර්යාල දෙසට ඉදිරියටම ගමන් කළ විරෝධතාකරුවන්, එම ගොඩනැගිල්ලට බිත්තර ප්‍රහාරයක් ද එල්ල කර තිබේ.

මේ සමග විරෝධතාකරුවන් හට කඳුළු ගෑස් හා රබර් උණ්ඩ ප්‍රහාරය එල්ල කිරීමට හොංකොං කැරළි මර්ධන ඒකකය පියවර ගෙන ඇත.

මෙම විරෝධතාවට පුද්ගලයන් 430,000ක් පමණ සහභාගී වූ බවට සංවිධායකයන් පැවසුවද, හොංකොං පොලිසිය පවසා ඇත්තේ රැස්වූ විරෝධතාකරුවන් පිරිස 138,000ක් පමණ බවයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top