Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Jan 25, 2017

ට්‍රම්ප් ගෙන් පරිසරවේදීන්ට පහරක්

මතභේදයට තුඩුදුන් ඉන්ධන නල ව්‍යාපෘති දෙකකට සහය පළ කිරීමට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය විධායක බලතල භාවිතා කිරීමත් සමග පරිසරවේදීන් දැඩි කනස්සල්ලට පත්ව ඇතැයි වාර්තා වේ.

ව්‍යාපෘති සඳහා ඇමෙරිකානු වානේ යොදාගැනීමේ කොන්දේසිය මත ඔබාමා රජය යටතේ වසාදමනු ලැබූ කීස්ටෝන් XL හා ඩැකෝටා ඉන්ධන නල ව්‍යාපෘතිය වෙත ට්‍රම්ප් මෙසේ සහය පළ කර තිබේ.

ඔහු පවසා ඇත්තේ මෙම ව්‍යාපෘති හේතුවෙන් රැකියා අවස්ථා 28,000ක් ඇතිවනු බවයි.

දැවැන්ත පාරිසරික හානිය හේතුවෙන් කීස්ටෝන් ව්‍යාපෘතිය 2015 අවසන් භාගයේදී නවතාදැමීමට ඔබාමා රජය කටයුතු කළ අතර, ඩැකෝටා ඉන්ධන නල ව්‍යාපෘතියට එරෙහිව පසුගිය දෙසැම්බරයේදී පැවැති දැවැන්ත උද්ඝෝෂණ හමුවේ විකල්ප මාර්ග සෙවීමට ද බලධාරීන් විසින් තීරණය කර තිබුණි.

සබැඳි පුවත් :

මව්බිම රකින්න කළ අරගලේ ට ජය

"මිනිසුන් පය ගසන පොළොව කිසිවකු විකුණන්නේ නැත"

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top