Jul 26, 2019

චීනයේ "ආදර අම්මා" ට විසි වසරක සිරදඬුවමක්

ළමුන් 118 දෙනෙකු දරුකමට හදා ගැනීම හේතුවෙන් දානපතියෙකු ලෙස අතීතයේ ඉමහත් ප්‍රශංසාවට ලක් වූ 54 හැවිරිදි චීන ජාතික කාන්තාවකට වසර 20 ක සිර දඬුවමක් නියම කර තිබේ.

අනාථ නිවාස හිමිකරුවෙකු වන ලී යැන්ෂියා නම් මෙම කාන්තාව, කප්පම් ගැනීම්, වංචා දූෂණ සහ සමාජ පිළිවෙලට බාධා සිදුකිරීම සම්බන්ධයෙන් පෙරේදා දින හෙබෙයි පළාතේ වුආන් හි අධිකරණයක් හමුවේ වරදකරු විය.

කලක් "ආදර අම්මා" යන අන්වර්ථ නාමයෙන් හැඳින්වුණු ඇයට යුවාන් මිලියන 2.67 ක දඩයක්ද නියම විය.

ඇගේ පෙම්වතා ඇතුළු හවුල්කරුවන් 15 දෙනෙකු ද මෙහිදී වරදකරුවන් විය.

ලී යැන්ෂියා විසින් අනාථ නිවාසයේ බලපෑම අනිසි ලෙස භාවිතා කර ඇති බව අධිකරණය විසින් තීරණය කර තිබුණි.

ඇය ඉහත පුද්ගලයන් සමග එක්ව විශාල ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා වංචා සිදු කර ඇති බව වුආන් සිටි මහජන අධිකරණය විසින් චීනයේ සමාජ ජාල වෙබ් අඩවියක් වන වෙයිබෝ හි සටහනක් පළ කර ඇත.

ඇගේ පෙම්වතා වන ෂු චී ටද, සමාජ පිළිවෙලට බාධා කිරීම, කප්පම් ගැනීම, වංචාව සහ හිතාමතා තුවාල සිදුකිරීම යන චෝදනා වසර 12.5 ක සිරදඬුවමක් හා යුවාන් මිලියන 1.2ක දඩයක් නියම විය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top