Jul 29, 2019

ඇමෙරිකානු ජාතික බුද්ධි අංශ අධ්‍යක්ෂ ඉල්ලා අස්වෙයි

ඇමෙරිකාවේ ජාතික බුද්ධි අංශ අධ්‍යක්ෂ ඩෑන් කෝට්ස් ට්‍රම්ප් පරිපාලනයෙන් ඉවත් වී තිබේ.

පසුගිය කාලය පුරාවට ඉහළ ධූර දැරූ නිලධාරීන් කිහිපදෙනෙකුම ට්‍රම්ප් පාලනාධිකාරියෙන් ඉවත් විය.

ට්විටර් පණිවුඩයක් මගින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ කෝට්ස් මහතා අගෝස්තු මැද ඔහුගේ ධූරයෙන් ඉල්ලා අස්වන බවත්, ඉන්පසුව මෙම ධූරයට ටෙක්සාස් කොංග්‍රස් සභික ජෝන් රැට්ක්ලිෆ් නම් කරන බවත්ය.

රුසියාව සහ උතුරු කොරියාව සම්බන්ධයෙන් කෝට්ස් මහතා සහ ඇමෙරිකානු ජනපතිවරයා අතර, අවස්ථා කිහිපයකදී මතභේද ඇති විය.

(බීබීසී පුවත්)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected].com දුරකථන - +94 114 546 362

Top