Aug 01, 2019

හම්සා බින් ලාඩන් මියගිහින්?

අල්කයිඩා නිර්මාතෘ ඔසාමා බින් ලාඩන්ගේ පුත්‍රයා වන හම්සා බින් ලාඩන් මියගොස් ඇති බව ඇමෙරිකානු බුද්ධි අංශ නිලධාරීහු පවසා තිබේ.

කෙසේවෙතත් හම්සා බින් ලාඩන් මියගිය ස්ථානය හෝ දිනය පිළිබඳ පැහැදිලි තොරතුරු තවමත් වාර්තා වී නොමැත.

ඔහු සිටින ස්ථානය සොයාගැනීමට අවශ්‍ය තොරතුරු ලබාදෙන පුද්ගලයෙකුට ඩොලර් මිලියනයක මුදල් ත්‍යාගයක් පිරිනමන බව ඇමෙරිකානු රජය පසුගිය පෙබරවාරි මාසයේදී නිවේදනය කර තිබුණි.

වයස අවුරුදු 30 ක් යැයි පැවසෙන හම්සා, ඇමෙරිකාව හා වෙනත් රටවලට පහර දෙන ලෙස ඉල්ලමින් ශ්‍රව්‍ය හා දෘශ්‍ය පණිවිඩ නිකුත් කර තිබුණි.

මෙම වාර්තා මුලින්ම වාර්තා කර තිබුණේ එන්බීසී පුවත් සේවය හා සහ නිව්යෝක් ටයිම්ස් විසිනි.

(බීබීසී පුවත්)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top